ගොඩවානාගොඩ විදුහල් මෑණී
දින දින වැජඹේවා
නැණ එලි දැල් වේවා
විදුරැස විහිදේවා.....//
ගිරුවා දස දෙස සුපතල විදු රැස
හිමි වූ මෑනී පුදමු සදා
අප හට ශිල්පය දුන් ඔබ මෑනී
පිලිගමු බැති ගී මලිනි පුදා
නැණ එලි දැල් වේවා
විදුරැස විහිදේවා.....
කිරම නදී කොමලිය නිති සිප එන
සිහිලස මාරුත ඔබ පමණයි
පුරවරයේ මැති ඇමතින් බිහි කල
මෑණිට අප සැම ණය ගැති වෙයි
නැණ එලි දැල් වේවා
විදුරැස විහිදේවා.....
විදුහල් මෑණී ඔබගේ නාමය
නමදිමු බැති ගී මලිනි පුදා
නැණ එලි පෑදූ මග එලි විහි දූ
පාසල් මැණී පුදමු සදා
නැණ එලි දැල් වේවා
විදුරැස විහිදේවා.....