හ/ගොඩවානාගොඩ විද්‍යාලයේ ආරම්භය 1956 සැප්තැම්බර් 01 දින සිදු වී ඇත. පාසල් වත්ත අක්කර 3/4කි. එය පරිත්‍යාගක් බව ගමේ වැඩිහිටියන් පවසති. එහි උපාලි එස්. වීරවර්න මහතා විසින් කර ඇති අතර එම ඉඩම පනිංගස් වත්ත නමින් හැදින්වේ. පහත සදහන් ලොග් සටහන් ප්‍රකාශයට අනුකූලව බෞද්ධ මිශ්‍ර පාසලක් වශයෙන් මුලින් පටන් ගත් බව පැහැදිලි වේ." 1956 පෙබරවාරි 16 දින ආරම්භ කල හ/ගොඩවානාගොඩ වීර විද්‍යාලය නැමැති බෞද්ධ මිශ්‍ර පාඨ ශාලාවේ වැඩ කොලඹ කොටහේනේ ශ්‍රී ලංකා බෞද්ධ අධ්‍යාපන සංගමයේ ප්‍රදාන ලේකම් ස්වාමිපාද වැලිගම සමනරංසි ස්වාමීන්වහන්සේ ලියවන පරිදි ඩී.ජේ. විජේසුන්දර මයාට 1956 සැප් මස 01 දින බාර දුනිමි."
අත්සන් කලේ
(නම අපැහැදිලිය)මුල් අවධියේදී මෙහි තිබුනේ අර්ධ තාවකාලික ගොඩනැගිල්ලකි. වහල පොල් අතු සෙවිලි කර ඇති අතර බිම සිමෙන්ති දමා නැත. ස්තිර වැසිකිලියක් තැනීමට කටයුතු සංවිධානය කර පැවතුනි. ගුරු මන්ඩලයේ තිදෙනෙකි. ඔවුන් තිදෙනාම ගුරුබවතුන් ය. ලමයින් සංඛ්‍යාව 87කි. ගොඩනැගිල්ලේ සිමෙන්ති දැමීමේ කටයුතු ගුරුමණ්ඩලය හා සිසුන්ගේ ශ්‍රමයෙන් ද දෙමව්පියන්ගේ සහයෝගයෙන් ද සිදු වී ඇත. මේ දිනවල සිසුන්ට දීආ ආහාරය සදහා බනිස් හා කිරි සපයා ඇත. වැඩි දින ගනනක් කිරි පානය කල සිසුන්ගේ බර කිරා බලා වැඩිපුර බර ඇති සිසුනට, තෑගි දීමක් සිදු කර ඇති බව ලොග් සටහන් මාර්ග වලින් පැහැදිලි වේ.
1959 වර්ශය වන විට මෙම විද්‍යාලයේ ශිශ්‍ය සංඛ්‍යාව 189 දක්වා ඉහල නැග තිබුනි. ආචාර්ය මණ්ඩලය 05 කි. නිතර නිතර පාඨශාලා පරීක්ෂක වරුන්ගේ පැමිණීම නිසා විද්‍යාලයේ අඩු පාඩු ක්‍රමයෙන් සකස් වී ඇති බව පෙනේ.
|
ආරම්භ කළ වර්ෂය |
1956 සැප්තැම්බර් 01 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
15 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩි.ජේ විජේසුන්දර |
|
පාසලේ ආදි කතෘගේ නම |
ස්වාමිපාද වැලිගම සමනරංසි ස්වාමීන්වහන්සේ |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
හ/ගොඩවානාගොඩ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1964 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
ගොඩවානාගොඩ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1956 සැප්තැම්බර් 03 දින |