හ/ගොඩවානාගොඩ විද්‍යාලයේ පාසල් වත්ත අක්කර 3/4කි. එය පරිත්‍යාගක් බව ගමේ වැඩිහිටියන් පවසති. එහි උපාලි එස්. වීරවර්න මහතා විසින් කර ඇති අතර එම ඉඩම පනිංගස් වත්ත නමින් හැදින්වේ. පහත සදහන් ලොග් සටහන් ප්‍රකාශයට අනුකූලව බෞද්ධ මිශ්‍ර පාසලක් වශයෙන් මුලින් පටන් ගත් බව පැහැදිලි වේ.
මුල් අවධියේදී මෙහි තිබුනේ අර්ධ තාවකාලික ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ සිමෙන්ති දැමීමේ කටයුතු ගුරුමණ්ඩලය හා සිසුන්ගේ ශ්‍රමයෙන් ද දෙමව්පියන්ගේ සහයෝගයෙන් ද සිදු වී ඇත.